වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු වලට ඉදිරිපත් කළ විසඳුම් සඳහා නිශ්චිත කාල රාමුවක් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පැය 48 කින්.
වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු සඳහා සාධනීය විසඳුම් අයවැය ඔස්සේ ප්‍රකාශයට පත් නොවේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මීළඟ අදියර දක්වා තවදුරටත් තීව්ර කිරීම.
2026 වර්ෂය යෝජිත අයවැය තුලින් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාවට සිදු වී ඇති අගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ සහ තීරණ ගැනීමේ දිගුවක් ලෙස රට පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට කැඳවීම.
අයවැය – 2026 මගින් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් නොසලකා හැරීම තුළ ඇති වී තිබෙන අහිතකර තත්ත්වයත්, ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට කැඳ වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණ.
වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් මෙවර අයවැයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව.
වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පොවන තිරසාර සහ ශක්තිමත් වැඩපිළිවෙලක් එළඹෙන අයවැය – 2026 තුළ අන්තර්ගත කිරීමේ අවශ්‍යතාව.
මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව කාලානුරූපීව යාවත්කාලීන නොවීම හරහා රෝහල් බිඳවැටීමේ අවදානම.